Search

Monday, June 10, 2013

Cut කොපියට .(තිත) තැබීම.

කට්ටියම මගේ ළගට එන්නෙ මගේ ළග තියන Software ගැන දැනගන්න නේ. දැනගන්න විතරක් නම් කමක් නෑ. පෙන් එහෙම උස්සන් එනකොට තමයි ම* පනින්නෙ. ඕව ඉතිං සප්ලයි කොරන එක මගේ යුතුකමනේ... උඹල හිතයි දැන් මොනවහරි ලට්ට ලොට්ට තියන පොට් එකක් ගැන කියවන්න හදනව කියල මෙන්න මූ කටත් ඇරන් ඒක හොයනව... එහෙම නෙවෙයි බන්.. පෙන් එක ගැහුවත් මගේ කොම්පියුටරේ අස්සෙ තියන ෆයිල් එක දාගන්න දගලන්න වෙනවනේ... අරූගෙ පෙන් එක ඕපන් කරන්නයි... මගේ ෆයිල් එක ඕපන් කරන්නයි ඒක කොපි කරන්නයි පේස්ට් කරන්නයි... මළ පනිනව වැඩේට... ඒ උඹලට කලින් තිබුණ සිද්ධිය එහෙනම් බලන්නකො Kitty යයි වැඩ ... දාමු මළ පනින්නෙ නැති විදියෙ වැඩක්...
 windowskey + R කිව්ව ගමන් දැන් දන්නව වැඩේ මොකක්ද කියල.. ඔව් ඔව් ඒක තමයි... කරමු කරමු...
regedit කියලත් ටයිප් කලානේ...
එතනින් මෙතන්ට මෙතනින් එතන්ට එන්න HKEY_CLASSES_ROOT  > AllFilesystemObjects  > shellex  > ContextMenuHandlers
ශරි... දැන් ඔය ContextMenuHandlers උඩ right click කරල New  >  Key දෙන්නකෝ.... හරි දැන් අපි ඔතන්ට දාමු Copy To Here කියල ෆෝල්ඩර් එකක් හැදුණ නේ... අන්න දැන් ඒක double click කරන්න... Default කියන එක ආයෙමත් Double click කරන්නකෝ... ඉන්පස්සෙ අහයි Value එක අන්න ඒකට මෙන්න මේක දෙන්ට... {C2FBB630-2971-11d1-A18C-00C04FD75D13}
ශරි අපේ කොපි කිරිල්ල ඉවරයි... දැන් කට් කරමු.. කට් කළොත් ඉතින් කොහේට හරි තියන්නත් එපැයි... ඒකත් එකෙන්ම කරගමු...
…ආයෙමත් ඉතිං.... ContextMenuHandlers උඩ right click කරල New  >  Key දෙන්නකෝ.... හරි දැන් අපි ඔතන්ට දාමු Cut To Here කියල ෆෝල්ඩර් එකක් හැදුණ නේ... අන්න දැන් ඒක double click කරන්න... Default කියන එක ආයෙමත් Double click කරන්නකෝ... ඉන්පස්සෙ අහයි Value එක අන්න ඒකට මෙන්න මේක දෙන්ට... {C2FBB631-2971-11D1-A18C-00C04FD75D13}දැන් හරි... වැඩේ කොරල ඉවරයි...දැන් ඉතින් ඕක ක්ලෝස් කරල දාල  Kitty මේ යාලුවන්ට සැලකුව වගේ ඔයාටත් පුලුවන් වෙයි ඇනයක් නැතිව ගිනි කසය වගේ දාන්න ඕන ෆයිල් එකද ෆෝල්ඩර් එකද අන්න ඒක උඩ right click කරල එක ක්ලික් එකෙන්ම වැඩේ කොරගන්න...
folder එක right click කලාම එයි Copy To Here එකයි Cut To Here එකයි... අන්න ඕකයි අපි මේ කලේ...

No comments:

Post a Comment